Global Platform For All Sri Lankans

” ආණ්ඩුවේ ආයු කාලය සති තුනයි..  මට වගේම අනුරටත් බහුතරය නැහැ..”

රට පාලනය කිරීමට පළපුරුදු ඇති මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවට පත් කළ යුතු බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

හිටපු ජනාධිපතිවරයා මේ සඳහන් කළේ, මීගමුව ප්‍රදේශයේ පැවති රැස්වීමකට එක්වෙමින්.

ජාතික ජනබලවේගයෙන් මෙරව මහමැතිවරණයට ඉදිරිපත් කර ඇති පිරිසට පළපුරුද්දක් නොමැති බව ද රනිල් වික්‍රමසිංහ අවධාරණය කරනවා.

“දාලා තියෙන ලැයිස්තුව ඇහුවොත් අනුර කුමාර දිසානයක මහතාගේ ආණ්ඩුවට මාස තුනක් නෙවෙයි. සති තුනක් යන්න පුළුවන් ද කියලත් සැකයි. පළපුරුදු අය ඉන්න ඔනේ රට වෙනුවෙන්. අපි කියන්නේ, පළපුරුදු අපේ අය දාන්න කියලා. බහුතරයක් දෙන්න කියලා පාර්ලිමේන්තුවේ. රට ගෙනියන්න. එතුමාට අවුරුදු තුනක් හරි ඉන්න පුළුවන් වෙන්නේ, අපි හිටියොත් විතරයි. නැත්නම් පොල් පෝලීම් විතරක් නෙවෙයි. හැමතැනම පෝලිම් තියෙයි..”

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

RELATED LATEST NEWS

Top Headlines

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads