Global Platform For All Sri Lankans

විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක්..

ගංවතුරින් බලපෑමට ලක්වූ ප්‍රදේශ ආශ්‍රිතව විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබෙනවා.

බස්නාහිර හා වයඹ පළාත්වල මෙම වැඩසටහන ක්‍රියාත්මක බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළේ.

ඒ අනුව කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කයන් තුළ මෙම වැඩසටහන් ඊයේ (25), අද (26) සහ හෙට (27) දිනයන් තුළ ක්‍රියාත්මකයි.

වසරේ මේ දක්වා කාලය තුළ මෙරටින් ඩෙංගු රෝගීන් 41,700 ක් වාර්තා වී ඇති අතර වැඩිම රෝගින් සංඛ්‍යාවක් බස්නාහිර පළාතෙන් වාර්තා වෙයි.

ඩෙංගු වැළඳීමෙන් පුද්ගලයින් 20 දෙනෙකු මිය ගොස් තිබෙනවා.

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads