Global Platform For All Sri Lankans

වටේ ගිය ගිනිඅවි නැවත ලැබුණේ මෙහෙමලූ..

සිවිල් පුද්ගලයින්ට ලබා දී ඇති ගිනිඅවි සහ පතරොම් තාවකාලිකව රජයට ලබා දෙන ලෙස සිදුකළ දැනුම් දීමට අනුව ගිනිඅවි 50කට අධික සංඛ්‍යාවක් යළි ලබා දී ඇති බව ආරක්ෂක අමාත්‍යංශ ආරංචි මාර්ග පවසනවා.

ආරක්ෂක අමාත්‍යංශය මගින් ජීවිත ආරක්ෂාව සදහා ලබා දී ඇති සියලුම ගිනිඅවි පිළිබඳව සමාලෝචනයක් සිදුකිරීමෙන් පසු නැවත ලබා දීමට යටත්ව තාවකාලික පදනම මත මෙම තීරණය ගනු ලැබ ඇති බවද සඳහන්.

ඒ අනුව, අදාළ ගිනිඅවි සහ පතරොම් නාවික හමුදාවේ වැලිසර පිහිටි රජයේ වාණිජ පුපුරණ ද්‍රව්‍ය ගබඩාව වෙත නොවැම්බර් මස 07වනදිනට පෙර භාර දෙන ලෙස සියලු බලපත්‍රලාභීන් වෙත ආරක්ෂක අමාත්‍යංශය දැනුම් දී තිබුණා.

මෙම තත්ත්වය තුළ මේ වන විට ගිනිඅවි 50කට ආසන්න සංඛ්‍යාවක් යළි භාර දී ඇති බව වාර්තා වී තිබෙනවා.

කෙසේ වෙතත්, ආරක්ෂක අමාත්‍යංශය විසින් මේ වනවිට ගිනිඅවි බලපත්‍ර 1650ක් පමණ විවිධ හේතුන් මත නිකුත් කර ඇති බව සඳහන් වනවා.

මෙම තත්ත්වය තුළ සියලු ගිනිඅවි සහ පතරොම් අදාළ දිනයට පෙර භාර දෙන ලෙසද ආරක්ෂක අමාත්‍යංශය දැනුම් දී තිබෙනවා.

 

 

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads