Global Platform For All Sri Lankans

ට්‍රම්ප් යටතේ රජය නිවැරදි කරනවා..

 

හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙනුවෙන් මැතිවරණ ප්‍රචාරක කටයුතුවල නියැලෙමින් සිටින එලොන් මස්ක් මේ වන විට විශාල පොරොන්දු කිහිපයක් ලබා දී ඇති බව විදෙස් වාර්තා පවසනවා.

නමුත් ඔහුගේ ව්‍යාපාරික වාර්තා අනුව ඔහුට එම පොරොන්දු ඉටු කළ හැකිද යන ගැටළුව මතු කරන බවයි විචාරකයන් පවසන්නේ.

ට්‍රම්ප් නැවත ජනාධිපති ධුරයට පත් වුවහොත් ටෙස්ලා සහ ස්පේස්එක්ස් ප්‍රධාන විධායක නිලධාරියාව යම් ආකාරයකට රජයේ කටයුතු සඳහා එක් කර ගන්නා බව මස්ක් සහ ට්‍රම්ප් දෙදෙනාම ප්‍රසිද්ධියේ සාකච්ඡා කර තිබෙනවා.

පසුගිය සතියේ ෆොක්ස් නිව්ස් හි සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇත්තේ, තම රජයේ පිරිවැය කැපීමේ ලේකම් ලෙස එලෝන් මස්ක්ට සේවය කළ හැකි බවයි. නමුත් එවැනි රජයේ ආයතනයක් මේ වන විට අමෙරිකාව තුළ ක්‍රියාත්මක වන්නේ නැහැ.

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads