මන්නාරම අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දී අද පෙරවරුවේ මෙම වෙඩි තැබීම සිදුව තිබුණා.මෙම වෙඩි තැබීමෙන් නඩු කටයුත්තකට පැමිණි පුද්ගලයන් දෙදෙනෙක් මිය ගියා. පොලිසිය පැවසුවේ තවත් කාන්තාවක් සහ පුද්ගලයෙක් තුවාල ලබා රෝහල් ගත කළ බවයි.
ස්කූටි වර්ගයේ යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙක් පිස්තෝලයකින් වෙඩි තබා පළා ගොස් තිබූ බව පොලිසිය සඳහන් කළා. දෙපාර්ශවය අතර කලක පටන් පෞද්ගලික ආරවුල් තිබූ බවත් ඊට අදාළ නඩු කටයුත්තකට අද සහභාගි වූ පාර්ශවයකට විරුද්ධ පාර්ශ්වය විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවටයි පොලිසිය සැක පළකරන්නේ.
Author: Lanka Hit News
Post Views: 3