කෑගල්ල – බුළුරුප්ප කෙම්පිටිය වලව්වේ හිමිකරු ගෙල සිරකර ඝාතනය කර තිබෙනවා.
සිය වයෝවෘද්ධ බිරිඳ සමඟින් මියගිය පුද්ගලයා එහි රැදී සිටිය දී කිසියම් පිරිසක් පැමිණ ඝාතනය සිදුකර නිවසේ තිබූ මෝටර් රථයෙන් පළාගොස් ඇති බවයි පොලිසිය සදහන් කළේ..
පහර කෑමට ලක්වූ බිරිද ද බරපතල තුවාල ලබා කෑගල්ල රෝහලට ඇතුලත් කර තිබෙනවා..
වලව්වේ ආරක්ෂාවට සිටි පුද්ගලයා දින කිහිපයක සිට නිවසින් බැහැරව ගොස් ඇති අතර, ඔහුගේ පුත්රයෙකු වලව්වට පැමිණි අවස්ථාවේදී මෙම ඝාතනය දැක, පොලිසියට දැනුම් දී තිබෙනවා..
පොලිසිය පැමිණෙන අවස්ථාවේ වලව්වේ හිමිකරුගේ මුඛයට ප්ලාස්ටරයක් ගසා ඇඳ සිටි සරමින් ගෙල සිරකර ඝාතනය කර ඇති අතර, බිරිද ද පහරකෑමට ලක්ව බිම වැටී සිට ඇති බවයි වාර්තා වන්නේ..
මෙලෙස ඝාතනයට ලක් වූ පුද්ගලයාගේ වයස අවුරුදු 75ක් වන අතර, ඔහු විශ්රාමික ගුරුවරයෙක්..
දැනට සිදුකරන ලද විමර්ශනවලින් අනාවරණ වී ඇත්තේ, කිසියම් පිරිසක් වලව්වට පැමිණ විදුලිය විසන්ධි කොට නිවසට ඇතුළු වී ඇති බවයි.
පසුව සැකකරුවන් පලාගිය මෝටර් රථය කෑගල්ල – අවිස්සාවේල්ල මාර්ගයේ පිංදෙණිය ප්රදේශයේ දමාගෙස් තිබියදී හමු වී තිබෙනවා.