අවලෝකිතේශ්වර නාමයෙන් පෙනී සිටිමින් බුදු දහමට අපහාස කළේ යැයි චෝදනා එල්ල වූ මහින්ද කොඩිතුවක්කු නැමැත්තා සම්බන්ධයෙන් නීතිපති උපදෙස් සදහා ලබන ජුනි මස 18 වැනිදා කැඳවන ලෙස කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර නියෝග කළා.
සැකකරුට එරෙහිව ගොනුකර ඇති පැමිණිල්ල පවත්වාගෙන යන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් නඩුව නීතිපති උපදෙස් සදහා යොමු කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දුන්නා.
මහින්ද කොඩිතුවක්කු නැමැත්තා මානසික ව්‍යාකූල තත්ත්වයකින් පෙළෙනවා නම් මෙම නඩුව පවත්වාගෙන යාමට නොහැකි යැයි ඔහු වෙනුවෙන් කරුණු දක්වමින් නිතිඥ තිළිණ වීරසිංහ අධිකරණයට දන්වා සිටියා.
ආබාධයකින් පෙළෙන බව පෙරදිනයේ ඹහු සම්බන්ධයෙන් ඉදිරිපත් කළ වෛද්‍ය වාර්තාවේ දැක්වෙන බවත්, ඒ හේතුවෙන් සිදුවීමට අදාළ පැමිණිල්ල පවත්වාගෙන යන්නේද නැද්ද පිළිබඳ ස්ථාවරය අධිකරණයට දැනුම් දීම සදහා කෙටි දිනයක් අවශ්‍ය බවත්, නඩුව කැඳවූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියා.
අවලෝකිතේශ්වර බෝධිසත්ත්ව නාමයෙන් පෙනී සිටිමින් දිවයිනට පැමිණි මහින්ද කොඩිතුවක්කු නැමැත්තා අනුගාමිකයන්ගේ වැඳුම් පිදුම්වලට ලක්වන ආකාරයේ වීඩියෝ දර්ශන පසුගිය සමයේ සමාජ මාධ්‍යයේ සංසරණය වූ අතර, ඔහුගේ දේශන තුළින් බුදු දහමට අපහාස සිදු වන බවට ද චෝදනා එල්ල වී තිබෙනවා.