Global Platform For All Sri Lankans

වර්ජනය අවසන් , දුම්රිය ධාවනය පෙර පරිදිම..

 

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ඊයේ (30) පස්වරුවේ සිට සේවයෙන් ඉවත්ව වැඩ වර්ජනයක නිරත වූ දුම්රිය ස්ථානාධිපතිවරුන් ඊයේ මධ්‍යම රාත්‍රියෙන් එම වෘත්තිය ක්‍රියාමාර්ගය අත්හිටුවීමට තීරණය කළ බව ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය සඳහන් කරනවා.

දුම්රිය සේවයට බඳවා ගැනීම, උසස්වීම් ක්‍රියා පටිපාටිය විධිමත් කිරීම සහ වැටුප් විෂමතා ඇතුළු ඉල්ලීම් කිහිපයක් පිළිබඳව සාකච්ඡා කිරීමේ අරමුණින් දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය ඊයේ පෙරවරුවේ ප්‍රවාහන අමාත්‍ය විජිත හේරත් සමග සාකච්ඡාවක නිරත වුණා.

එම සාකච්ඡාවලින් ඔවුන්ට සාධනීය ප්‍රතිචාර හිමි නොවූ බවත්, ඒ හේතුවෙන් සවස රැස් වූ දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ විධායක සභාව තීරණය කළේ, පස්වරු 4.30 සිට ක්‍රියාත්මක වන පරිදි දුම්රිය ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමේ රාජකාරිවලින් ඉවත්වීමටයි.

ඒ අනුව, බොහෝ දුම්රිය ස්ථානවල ප්‍රවේශ පත්‍ර නොමැතිව දුම්රියේ ගමන් කළ හැකි බවට දැක්වෙන පුවරුද ප්‍රදර්ශනය කිරීමට ස්ථානාධිපතිවරුන් කටයුතු කරනු ලැබුවා.

කෙසේ වෙතත් , මේ වන විට එම වර්ජනය අවසන් වී , පෙර පරිදිම දුම්රිය ධාවනය හා ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමද සිදුවෙනු ඇති.

 

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

RELATED LATEST NEWS

Top Headlines

රික්ටර් මාපක 6.0ක ප්‍රබල භූ කම්පනයක්..

  එක්සත් ජනපදයේ බටහිර වෙරළට ඔබ්බෙන් ප්‍රබල භූමිකම්පාවක් ඇතිව තිබෙනවා. රික්ටර් මාපක 6.0 ක ප්‍රබලත්වයෙන් යුත් මෙම භූමිකම්පාව ඔරිගන් ප්‍රාන්තයේ

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads