ගාසා සටන් විරාම ගිවිසුම පිළිබඳ තීරණය කිරීමේ ඊශ්‍රායල කැබිනට් මණ්ඩල රැස්වීම කල් දමා තිබෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු චෝදනා කරන්නේ අවසාන මොහොතේ සහන ලබා ගැනීමේ අරමුණින් ගිවිසුමේ ඇතැම් කොටස් හමාස් විසින් ප්‍රතික්ෂේප කර ඇති බවයි.
හමාස් සංවිධානය ගිවිසුමේ සියලුම කොටස් පිළිගෙන ඇති බවට මැදිහත්කරුවන් විසින් ඊශ්‍රායලයට දැනුම් දෙන තෙක් කැබිනට් මණ්ඩලය රැස් නොවන බවයි ඔහු පවසන්නේ.
නමුත් ජ්‍යේෂ්ඨ හමාස් නිලධාරියෙකු වන ඉස්සාත් එල් රීෂෙක් ගිවිසුමේ ඇතැම් කරුණු ප්‍රතික්ෂේප කළ බවට වන චෝදනාව ප්‍රතික්ෂේප කරන අතර මැදිහත්කරුවන් විසින් ප්‍රකාශයට පත් කළ ගිවිසුමට කැපවී සිටින බවට සඳහන් කළා.
මේ අනුව දෝහාහීදි ඊයේ රාත්‍රි එකඟ වූ සටන් විරාම ගිවිසුම ක්‍රියාත්මක කිරීම පිළිබඳ අනුමැතිය ලබා ගැනීමට ඊශ්‍රායල කැබිනට් මණ්ඩලය අද රැස්වීමටයි නියමිතව තිබුණේ.
කටාර් අගමැතිවරයා පවසා තිබුණේ ලබන ඉරිදා සිට මෙම ගිවිසුම ක්‍රියාත්මක කිරීමට නම් එය ඊශ්‍රායල කැබිනට් මණ්ඩලය අනුමත කල යුතු බවයි.