Global Platform For All Sri Lankans

දහවල් 12 වනවිට, පුංචි ඡන්දයේ ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය 40%ක්..

 

අද(26) දහවල් 12 වනවිට ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමේ ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය 40%ක් පමණ වන බව ගාල්ල දිස්ත්‍රික් තේරීම්භාර
නිලධාරී ඩබ්ලිව්.ඒ. ධර්මසිරි පවසනවා.

ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම අද පෙරවරු 7.00ට ආරම්භ වුණා.

ඡන්ද මධ්‍යස්ථාන 47කදී ඡන්ද විමසීමේ කටයුතු අද පස්වරු 4.00 දක්වා පැවැත්වීමට නියමිතයි.

මෙවර ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේදී පළාත් පාලන කොට්ඨාස 17ක් වෙනුවෙන් සභිකයින් 28 දෙනෙක් තෝරා පත්කර ගැනෙනවා.

ඒ සඳහා ඡන්ද දායකයින් 55,643 දෙනෙක් ලියාපදිංචි වී ඇති අතර, පිළිගත් දේශාපලන පක්ෂ 8ක් සහ ස්වාධීන කණ්ඩායමක් මෙවර තරග කරනවා.

අද ආරම්භ වූ ඡන්ද විමසීම මේ වන විට ඉතා සාමකාමී අයුරින් සිදුකෙරෙන අතර, සියලුම ඡන්ද මධ්‍යස්ථාන සඳහා ප්‍රමාණවත් පරිදි ආරක්ෂාව සැපයීමට පොලිසිය කටයුතු කර තිබෙනවා.

මැතිවරණ රාජකාරි සඳහා රාජ්‍ය නිලධාරින් 600ක් සහ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරින් 500ක් යොදවා ඇති බවයි දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීවරයා සඳහන් කළේ.

සැප්තැම්බර් මස පැවැති ජනාධිපතිවරණයෙන් පසු පැවැත්වෙන පළමු මැතිවරණය මෙයයි.

2018 පෙබරවාරි 10 වැනිදා පැවැති පලාත් පාලන ආයතන ඡන්ද විමසීමේ දී ඇල්පිටිය ප්‍රාදේශීය සභාව සඳහා ඡන්ද විමසීමක් පැවැත්වුණේ නැහැ.

ඒ් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් පනවා තිබීම හේතුවෙන්.

ඒ අනුව කල් දැමුණු ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම පැවැත්වුණේ වසර එක හමාරකට පසුවයි.

මෙරට සෙසු සියලු පාළාත් පාලන ආයතනවල කාලය පසුගිය 2023 වසරේදී අවසන් වුවත් ඇල්පිටිය ප්‍රාදේශීය සභාව ක්‍රියාත්මකව පැවතියේ ඒ අනුවයි

මේ අතර අද පැවැත්වෙන ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම නිරීක්ෂණය කිරීම සඳහා මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක
අද එක්වුණා.

ඡන්ද විමසීම නිරීක්ෂණයට පැෆ්රල් සංවිධානයේ නියෝජිතයින්ද එක්ව සිටිනවා.

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads