Global Platform For All Sri Lankans

අවුරුදු 09ක් තුළ විභාග වංචා 439ක්..

වත්මන් විභාග කොමසාරිස් ජනරාල්වරයාගේ කාලයේදී අතිශය බරපතල විභාග වංචා දෙකක් සිදුව ඇති බව ලංකා ගුරු සංගමය පවසනවා.

අදාළ වංචාවලට නිසි පියවර නොගැනීම හේතුවෙන් කොමසාරිස්වරයා අදාළ තනතුරින් ඉවත් කළ යුතු බවයි, එම සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු ප්‍රකාශ කළේ.

විභාග වංචාවලට සම්බන්ධ බවට චෝදනා ලැබුවන් විභාග රාජකාරී අත්හිටුවීම හැර වෙන කිසිම වෙනත් ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවට සභාපතිවරයා චෝදනා කරනවා.

2015 වසරේ සිට මේ දක්වා බරපතළ ගණයේ විභාග වංචා 439ක් සිදුව තිබෙනවා.

ඒ වෙනුවෙන් ද ලබාදී ඇති උපරිම දඬුවම ජීවිත කාලයටම විභාග රාජකාරී පමණක් තහනම් කිරීම බවයි, ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු අවධාරණය කළේ.

කෙසේවෙතත්, මේ සම්බන්ධයෙන් වන චෝදනා විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads