Global Platform For All Sri Lankans

ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ සමස්ත නිල ඡන්ද ප්‍රතිඵලය..

 

2024 පළාත් පාලන මැතිවරණයේ ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය

ජාතික ජන බලවේගය
ලබාගත් ඡන්ද සංඛ්‍යාව – 17,295
හිමිවූ මන්ත්‍රී ධුර සංඛ්‍යාව – 15
====

සමගි ජන බලවේගය
ලබාගත් ඡන්ද සංඛ්‍යාව – 7,924
හිමිවූ මන්ත්‍රී ධුර සංඛ්‍යාව – 06
====

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ
ලබාගත් ඡන්ද සංඛ්‍යාව – 3,597
හිමිවූ මන්ත්‍රී ධුර සංඛ්‍යාව – 03
====

පොදුජන එක්සත් නිදහස් සන්ධානය
ලබාගත් ඡන්ද සංඛ්‍යාව – 2,612
හිමිවූ මන්ත්‍රී ධුර සංඛ්‍යාව – 02
====

ස්වාධීන කණ්ඩායම
ලබාගත් ඡන්ද සංඛ්‍යාව – 2,568
හිමිවූ මන්ත්‍රී ධුර සංඛ්‍යාව – 02

 

ඒ අනුව, ඇල්පිටිය ප්‍රාදේශීය සභාව සඳහා ආසන 17න් ආසන 15ක් හිමිකරගනිමින් ජය තහවුරු කිරීමට ජාතික ජන බලවේගය සමත් වී තිබෙනවා.

මෙවර ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේදී පළාත් පාලන කොට්ඨාස 17ක් වෙනුවෙන් සභිකයින් 30 දෙනෙකු තෝරා පත්කර ගැනෙනවා.

ඒ අනුව, කුඩාගල කදිරන්දොල, තිබ්බොටුවාව, ඇල්ල, අම්බනකහදූව, පිණිකහන, ඉඳිපලේගොඩ, වල්ලඔගල, කැටන්දොළ, තලාව, බටුවන්හේන, නවදගල, අමුගොඩ, මැටිවිලිය, ඕමත්ත, ඇල්පිටිය, යන කොට්ඨාසයන් 15ක ජය වාර්තා කිරීමට ජාතික ජන බලවේගය සමත් වී තිබෙනවා.

එහිදී ඔවුන් ලබාගත් සමස්ථ ඡන්ද සංඛ්‍යාව ඡන්ද 17,295ක්.

එමෙන්ම පිටුවල, අවිත්තාව ප්‍රාදේශීය කොට්ඨාසයන් දෙකෙහි ජය හිමිකර ගැනීමට සමත්ව ඇත්තේ සමගි ජන බලවේගය විසින්.

එහිදී ඔවුන් ලබාගත් සමස්ථ ඡන්ද සංඛ්‍යාව ඡන්ද 7,924ක්.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 3,594ක සමස්ථ ඡන්ද සංඛ්‍යාවක් ලබාගනිමින් තෙවන ස්ථානය ලබාගත් අතර, ඔවුන්ට කිසිඳු ආසනයක ජය හිමිවුණේ නැහැ.

මෙහිදී සිව්වන ස්ථානය ලබාගත් පොදුජන එක්සත් නිදහස් සන්ධානය ලබාගත් සමස්ථ ඡන්ද සංඛ්‍යාව ඡන්ද 2,612ක්.

පස්වන ස්ථානය හිමිකර ගත්තේ ස්වාධීන කණ්ඩායමවන අතර, ඔවුන් ලබාගත් සමස්ථ ඡන්ද සංඛ්‍යාව ඡන්ද 2,568ක්.

——————————————

ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ කොට්ඨාස මැතිවරණ ප්‍රතිඵලයන් ලෙස,

අවිත්තාව ප්‍රාදේශීය කොට්ඨාසය නිල ඡන්ද ප්‍රතිපඵලය
01. සමගි ජන බලවේගය – ඡන්ද – 914
02. ජාතික ජන බලවේගය – ඡන්ද – 618
03. ස්වාධීන කණ්ඩායම – ඡන්ද – 354

ඕමත්ත ප්‍රාදේශීය කොට්ඨාසය නිල ඡන්ද ප්‍රතිපඵලය
01. ජාතික ජන බලවේගය – ඡන්ද – 1,107
02. ස්වාධීන කණ්ඩායම – ඡන්ද – 661
03. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – ඡන්ද – 297

මැටිවිලිය ප්‍රාදේශීය කොට්ඨාසය නිල ඡන්ද ප්‍රතිපඵලය
01. ජාතික ජන බලවේගය – ඡන්ද – 421
02. පොදුජන එක්සත් පෙරමුණ – ඡන්ද – 399
03. සමගි ජන බලවේගය – ඡන්ද – 249

ඉඳිපලේගොඩ ප්‍රාදේශීය කොට්ඨාසය නිල ඡන්ද ප්‍රතිපඵලය
01. ජාතික ජන බලවේගය – ඡන්ද – 683
02. ස්වාධීන කණ්ඩායම – ඡන්ද – 384
03. සමගි ජන බලවේගය – ඡන්ද – 310

අමුගොඩ ප්‍රාදේශීය කොට්ඨාසය නිල ඡන්ද ප්‍රතිපඵලය
01. ජාතික ජන බලවේගය – ඡන්ද – 778
02. පොදුජන එක්සත් පෙරමුණ – ඡන්ද – 551
03. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – ඡන්ද – 436

කැටන්දොල ප්‍රාදේශීය කොට්ඨාසය නිල ඡන්ද ප්‍රතිපඵලය
01. ජාතික ජන බලවේගය – ඡන්ද – 901
02. සමගි ජන බලවේගය – ඡන්ද – 320
03. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – ඡන්ද – 270

ඇල්පිටිය ප්‍රාදේශීය කොට්ඨාසය නිල ඡන්ද ප්‍රතිපඵලය
01. ජාතික ජන බලවේගය – ඡන්ද – 1,493
02. සමගි ජන බලවේගය – ඡන්ද – 384
03. ස්වාධීන කණ්ඩායම – ඡන්ද – 153

නවදගල ප්‍රාදේශීය කොට්ඨාසය නිල ඡන්ද ප්‍රතිපඵලය
01. ජාතික ජන බලවේගය – ඡන්ද – 1,084
02. සමගි ජන බලවේගය – ඡන්ද – 562
03. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – ඡන්ද – 273

බටුවන්හේන ප්‍රාදේශීය කොට්ඨාසය නිල ඡන්ද ප්‍රතිපඵලය
01. ජාතික ජන බලවේගය – ඡන්ද – 1,412
02. සමගි ජන බලවේගය – ඡන්ද – 438
03. ස්වාධීන කණ්ඩායම – ඡන්ද – 252

තලාව ප්‍රාදේශීය කොට්ඨාසය නිල ඡන්ද ප්‍රතිපඵලය
01. ජාතික ජන බලවේගය – ඡන්ද – 1,542
02. සමගි ජන බලවේගය – ඡන්ද – 574
03. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – ඡන්ද – 229

කුඩාගල / කදිරන්දොල ප්‍රාදේශීය කොට්ඨාසය නිල ඡන්ද ප්‍රතිපඵලය
01. ජාතික ජන බලවේගය – ඡන්ද – 1,750
02. සමගි ජන බලවේගය – ඡන්ද – 478
03. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – ඡන්ද – 220

වල්ලඔගල ප්‍රාදේශීය කොට්ඨාසය නිල ඡන්ද ප්‍රතිපඵලය
01. ජාතික ජන බලවේගය – ඡන්ද – 1,138
02. සමගි ජන බලවේගය – ඡන්ද – 308
03. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – ඡන්ද – 149

පිටුවල ප්‍රාදේශීය කොට්ඨාසය නිල ඡන්ද ප්‍රතිපඵලය
01. සමගි ජන බලවේගය – ඡන්ද – 1,132
02. ජාතික ජන බලවේගය – ඡන්ද – 712
03. පොදුජන එක්සත් නිදහස් සන්ධානය – ඡන්ද – 79

ඇල්ල ප්‍රාදේශීය කොට්ඨාසය නිල ඡන්ද ප්‍රතිපඵලය
01. ජාතික ජන බලවේගය – ඡන්ද – 817
02. සමගි ජන බලවේගය – ඡන්ද – 625
03. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – ඡන්ද – 613

අම්බන / කහදූව ප්‍රාදේශීය කොට්ඨාසය නිල ඡන්ද ප්‍රතිපඵලය
01. ජාතික ජන බලවේගය – ඡන්ද – 985
02. ජාතික ජනතා පක්ෂය – ඡන්ද – 257
03. සමගි ජන බලවේගය – ඡන්ද – 244

පිණිකහන ප්‍රාදේශීය කොට්ඨාසය නිල ඡන්ද ප්‍රතිපඵලය
01. ජාතික ජන බලවේගය – ඡන්ද – 1,076
02. සමගි ජන බලවේගය – ඡන්ද – 352
03. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – ඡන්ද – 166

තිබ්බටුවාව ප්‍රාදේශීය කොට්ඨාසය නිල ඡන්ද ප්‍රතිපඵලය
01. ජාතික ජන බලවේගය – ඡන්ද – 778
02. සමගි ජන බලවේගය – ඡන්ද – 428
03. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – ඡන්ද – 225

මෙවර මැතිවරණය සඳහා ඡන්ද දායකයින් 55,643 දෙනෙක් ලියාපදිංචි සිටි අතර, පිළිගත් දේශපාලන පක්ෂ 8ක් සහ ස්වාධීන කණ්ඩායමක් තරග වැදුණා.

අද පෙරවරු 07 ට ආරම්භ වූ අදාළ ඡන්ද විමසීම පස්වරු 04ට අවසන් වූ අතර, ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය සියයට 63.4%ක් බවයි දිස්ත්‍රික් තේරීම්භාර නිළධාරී ඩබ්ලිව්.ඒ.ධර්මසිරි ප්‍රකාශ කළේ.

එහිදී සුදුසුකම් ලැබූ ඡන්ද දායකයින් 55,643න් 35,255ක් සිය ඡන්දය ප්‍රකාශ කරනු ලැබුවා.

ජාතික ජන බලවේගය මාලිමාව ලකුණෙනුත්, සමගි ජන බලවේගය දුරකථනය‍ ලකුණෙනුත්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මල් පොහොට්ටුව ලකුණෙකුත්, පොදුජන එක්සත් නිදහස් සන්ධානය කුසලානය ලකුණෙනුත්, දෙවන පරපුර පෑන ලකුණෙනුත්, ජනසෙත පෙරමුණ ට්‍රැක්ටරය ලකුණෙනුත්, ජාතික ජනතා පක්ෂය විදුලි බුබුළ ලකුණෙනුත්, පොදුජන එක්සත් පෙරමුණ පුටුව ලකුණෙනුත්, රූපවාහිනිය ලකුණෙන් එක් ස්වාධීන කණ්ඩායමකුත් ඇල්පිටිය ප්‍රාදේශීය සභාව සඳහා මැතිවණයට ඉදිරිපත් වුණා.

2018 පෙබරවාරි 10 වැනිදා පැවැති පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ දී ඇල්පිටිය ප්‍රාෙද්ශීය සභාව සඳහා ඡන්ද විමසීමක් පැවැත්වුණේ නැහැ.

ඒ් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් පනවා තිබීම හේතුවෙන්.

ඒ අනුව කල් දැමුණු ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම පැවැත්වුණේ වසර එක හමාරකට පසුවයි.

මෙරට සෙසු සියලු පළාත් පාලන ආයතනවල කාලය පසුගිය 2023 වසරේදී අවසන් වුවත් ඇල්පිටිය ප්‍රාදේශීය සභාව ක්‍රියාත්මකව පැවතියේ ඒ අනුවයි.

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads