Global Platform For All Sri Lankans

බස්නාහිරින් වාර්තා වූ අප්‍රිකානු සූකර උණ තවත් පලාත් කිහිපයකට..

 

බස්නාහිර පළාතෙන් පළමුවරට වාර්තා වූ අප්‍රිකානු සූකර උණ රෝග තත්ත්වය තවත් පලාත් කිහිපයකින් මේ වනවිට වාර්තා වී ඇති බව සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසනවා.

දැනට සිදුකරන ලද පරික්ෂා කිරීම්වලින් අප්‍රිකානු සූකර උණ රෝග තත්ත්වය ඌව, උතුර සහ වයඹ යන පළාත්වලින් ද වාර්තා වී ඇති බවයි එම දෙපාර්තමේන්තුව සදහන් කළේ.

බස්නාහිර පළාතෙන් පළමුවරට ඌරන් ආශ්‍රිතව වාර්තා වූ ප්‍රජනන හා ශ්වසන රෝගය අප්‍රිකානු සූකර උණ රෝග තත්ත්වය බවට පසුගියදා තහවුරු කළේ, සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සිදුකරන ලද පරික්ෂා කීරීම්වලින් අනතුරුවයි.

එම තත්ත්වයත් සමඟ ඌරන් සහ එම මස් ප්‍රවාහනය සිදුකරන්නේ නම් ඊට ප්‍රාදේශීය සෞඛ්‍ය බලධාරීන්ගේ අනුමැතිය අනිවාර්ය කිරීමටයි සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පියවර ගත්තේ.

එමෙන්ම, අප්‍රිකානු සූකර උණ රෝගී ලක්ෂණ කිසියම් ඌරන් ඇති කරන ගොවිපොලක පෙන්නුම් කරන්නේ නම් එම ස්ථානවලට මුද්‍රා තැබීම සදහා අධිකරණ නියෝග ලබාගන්නා ලෙසට ද සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව අදාළ බලධාරීන් වෙත උපදෙස් ලබාදී තිබුණා.

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads