Global Platform For All Sri Lankans

Lanka Hit News

රටට සෞභාග්‍ය උදාවේවායි ප්‍රාර්ථනය සහිතව, ශ්‍රී දළදා මාලිගාවේ සිදු වු අලුත් සහල් මංගල්‍යය..

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ වාර්ෂිකව පවත්වනු ලබන සතර මහා මංගල්‍යයන්ගෙන් පළමුවැන්න වන අලුත් සහල් මංගල්‍යය චාරිතානුකූලව දුරුතු පුන් පොහෝ දිනය යෙදුනු අද (13) දිනයේ සිදුකෙරුණා.

මෙම පූජාව වෙනුවෙන් දළදා මාලිගාවට අයත් කෙත් වතුවලින් නෙලා ගත් සාරවත් වී අස්වැන්නේ සහලේ අග්‍ර කොටස කුණ්ඩසාලේ, පල්ලෙකැලේ පිහිටි වී අටුවේ සිට ශ්‍රී දළදා මාලිගාව වෙත රැගෙන එනු ලැබුවේ පසුගියදායි (06) යි.

ඒ, ඇතුන් පිරිවරා ගත් පෙරහරින්.

අලුත් සහල් මංගල්‍යයයේදි නැවුම් වී අස්වැන්නෙන් සැකසූ කිරිබත්, දන්ත ධාතූන් වහන්සේ උදෙසා පූජා කර ගොවිතැන් කටයුතු සශ්‍රීක වී රටට සෞභාග්‍ය උදාවේවායි ප්‍රාර්ථනය කිරීම අරමුණ ඇතිව මෙම මංගල්‍යය සම්ප්‍රදානුකූලව පැත්වීම සිදු කෙරෙනු ඇති.

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවැත් වූ අතර ශ්‍රී දළදා මාලිගාවේ තේවාව භාර මහා සංඝරත්නය හා රාජකාරි භාර පිරිස් මෙම අවස්ථාවට එක්ව සිටියා.

 

 

 

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads