කොළඹ වරායෙන් ඊයේ (13) දින බහලුම් 459ක් නිදහස් කර ඇති බව අතිරේක අධ්යක්ශ ජනරාල්, රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ පවසනවා.
ආර්.සී.ටී. ග්‍රේලයින් 1 සහ 2 අංගනවලින් බහලුම් 242ක පරීක්ෂාව අවසන් කර නිදහස් කළ බවයි ඔහු කියා සිටියේ.
රේගුවෙන් දිනකට පරීක්ෂා කර බහාලුම් 500 ක් පමණ නිදහස් කළ හැකියි.
කෙසේ වෙතත් නිෂ්කාෂණ නියෝජිතයින්ගේ සහ ලොරි රථ රියදුරන්ගේ පැමිණීම අඩු වී ඇති බැවින් නිදහස් කළහැකි ප්‍රමාණය මෙලෙස පහළ මට්ටමක පැවතුණ බවයි සීවලී අරුක්ගොඩ ප්‍රකාශ කළේ.
එමෙන්ම භාණ්ඩ පරීක්ෂණ අංගන වෙත නිදහස් කිරීමට වරාය තුළ බහලුම් 496ක් ඉතිරි වී තිබෙනවා.
අද දින (14) නිවාඩු දිනයක් වුවත් රේගුව සහ අදාල අනෙකුත් රාජ්‍ය ආයතන බහාලුම් නිදහස් කිරීමේ කටයුතුවල නිරතව සිටින බවද සීවලී අරුක්ගොඩ වැඩිදුරටත් කියා සිටියා.
Author: Lanka Hit News
Post Views: 2