අද (23) අලුයම් කාලයේ ගල්කිස්ස පොලිස් වසමේ රත්මලාන දුම්රිය අංගන පරිශ්‍රයේදී වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.
මෙම වෙඩි තැබීම සිදුව ඇත්තේ, දේපල සොරකම් කිරීමට දුම්රිය අංගනයට ඇතුළු වූ පුද්ගලයින් පස් දෙනෙකු එහි ආරක්ෂක රාජකාරියෙහි නියුතුව සිටි දුම්රිය ආරක්ෂක නිලධාරියෙකුට පහරදී තුවාල සිදුකිරීමේ සිදුවීමක් මූලික කරගෙන බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කළේ.
එම අවස්ථාවේදී දුම්රිය ආරක්ෂක නිලධාරියෙක් විසින් අදාළ සැකකරුවන්ට වෙඩි තැබීමක් සිදුකර ඇති අතර, එහිදී එක් සැකකරුවෙකු තුවාල ලබා තිබෙනවා.
එමෙන්ම අනෙක් සැකකරුවන් පලා ගොස් ඇති බව සඳහන්.
සැකකරුවන්ගේ පහරදීමෙන් තුවාල ලද දුම්රිය ආරක්ෂක නිලධාරියා සහ වෙඩි වැදීමෙන් තුවාල ලද සැකකරු මේ වන විට ප්‍රතිකාර සඳහා කළුබෝවිල රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
සිදුවීම සම්බන්ධයෙන් ගල්කිස්ස පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වනු ඇති.