මාතර බන්ධනාගාරයේ රැදවියන් 55 දෙනෙකු ඊයේ (02) රාත්‍රියේ අගුණකොලපැලැස්ස බන්ධනාගාරය වෙත මාරුකර යැවීමට තීරණය කළ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී. දිසානායක පවසනවා.
ගසක අත්තක් කඩා වැටීමත් සමඟ හානි සිදුවීම හේතුවෙන් එම බන්ධනාගාරයේ ඉඩකඩ සීමාවීම නිසා මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
මේ අතර මාතර බන්ධනාගාරයේ ගොඩනැගිල්ලක් මතට ගසක අත්තක් කඩා වැටීමෙන් මියගොස් ඇත්තේ හෙරොයින් සිද්ධියක් සම්බන්ධයෙන් රුපියල් 20,000ක දඩ මුදලක් ගෙවා ගැනීමට නොහැකිව බන්ධනාගාරගත කර සිටි රැදවියෙකු බවට අනාවරණය වී තිබෙනවා.
සිද්ධියෙන් තුවාල ලැබූ රැදවියන් 11 දෙනා අතුරින් 06 දෙනෙකු නේවාසික ප්‍රතිකාර අවසන් කර නැවත බන්ධනාගර ගත කල බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී දිසානායක කියා සිටියේ.
අනතුර සිදු වන අවස්ථාවේ එහි රැඳවියන් 100කට ආසන්න පිරිසක් රඳවා සිට තිබෙනවා.