බංගලාදේශ පන්දුවාර 20යි 20 ජාතික කණ්ඩායමේ නායකත්වයෙන් නජ්මුල් හුසේන් ෂැන්ටෝ ඉල්ලා අස්වී තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා.
බංගලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති ෆරුකී අහමඩ් ඔහුගේ ඉල්ලා අස්වීම තහවුරු කර ඇති බව සඳහන්.
එමෙන්ම එම මණ්ඩලයේ සභාපතිවරයා පැවසුවේ ඉදිරි කාල සීමාවේ පන්දුවාර 20යි 20 තරඟ තවමත් සැළසුම්වල නොමැති බැවින් නව නායකයා සම්බන්ධයෙන් පසුව තීරණයක් ගන්නා බවයි.
කෙසේ වෙතත් තවදුරටත් බංගලාදේශ ටෙස්ට් සහ එක්දින කණ්ඩායම්වල නායකත්වය දරනු ලබන්නේ ෂැන්ටෝයි.
Author: Lanka Hit News
Post Views: 29