Global Platform For All Sri Lankans

Lanka Hit News

පොලිසියට අවැසි වුණු මහජන සහාය ?

මියගිය පුද්ගලයෙකු හඳුනාගැනීම සඳහා පොලීසිය මහජන සහාය අපේක්ෂා කරන බව සඳහන් කර තිබෙනවා.

නාඳුනන පුද්ගලයෙකු මියගොස් ඇති බවට 2024.10.01 වන දින හෝමාගම පොලිස් ස්ථානයට පැමිණිල්ලක් ලැබී තිබුණා.

එම මියගිය පුද්ගලයා සම්බන්ධයෙන් හෝමාගම මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර මහෙස්ත්‍රාත් පරීක්ෂණයක් ද සිදු කෙරුණු අතර ,

අනතුරුව මෘතශරීරය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා හෝමාගම රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබුණා.

කෙසේ වෙතත් , එම මරණකරුගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැති අතර උස අඩි 05 අඟල් 02ක් පමණ වන සාමාන්‍ය සිරුරක් ඇති පුද්ගලයෙකු බව යි පොලීසිය සඳහන් කළේ.

එසේම , මේ වන විට මළසිරුර හඳුනා ගැනීමට නොහැකි තත්ත්වයේ පවතින බවද පොලීසිය සඳහන් කළා.

පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ මේ සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් පහත සඳහන් දුරකථන අංක වෙත දැනුම් දෙන ලෙසයි.

හෝමාගම පොලිස් ස්ථානාධිපති – 0718 591 655
හෝමාගම පොලිස් ස්ථානය – 0112855222

මේ අතර 2024.10.04 වන දින රිය අනතුරකට ලක්වී මියගිය පුද්ගලයෙකු හඳුනාගැනීම සඳහා ද පොලීසිය මහජන සහාය අපේක්ෂා කරනවා.

කෑගල්ල පොලිස් වසමේ කොළඹ මහනුවර ප්‍රධාන මාර්ගයේ කි.මී 83 කණුව ආසන්නයේ මොලගොඩ ප්‍රදේශයේදී එම රිය අනතුර සිදුවී තිබුණා.

ඉන් මාර්ගය හරහා ගමන් කළ පදිකයෙකු බරපතළ තුවාල ලබා තිබූ අතර, ඔහුව කෑගල්ල රෝහලට ඇතුලත් කිරීමේදී මිය ගොස් තිබුණා.

මියගිය පුද්ගලයාගේ සිරුර මේ වනවිට කෑගල්ල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙන අතර, පොලිසිය සඳහන් කරන්නේ මියගිය පුද්ගලයා සම්බන්ධයෙන් මෙතෙක් අනන්‍යතාවය තහවුරු වී නොමැති බවයි.

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads