Global Platform For All Sri Lankans

Lanka Hit News

චීනයේ සිව් දින නිල සංචාරයට ජනපති පිටත්ව යයි

චීනයේ සිව් දින නිල සංචාරය අරඹමින් ජනාධිපති අනුර කුමාර දිසානායක දිවයිනෙන් පිටත්ව ගිය බව සඳහන්.

චීන ජනාධිපති ෂී ජින් පිංගේ (Xi Jinping) ආරාධනයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක ලබන 17වන දා දක්වා මෙම සංචාරයෙහි නිරත වෙනවා.

මෙම සංචාරයේදී ජනාධිපතිවරයා, චීන ජනපති ෂී ජින් පිං (Xi Jinping), චීන අග්‍රාමාත්‍ය ලී ව්‍යං (Li Qiang) ඇතුළු රාජ්‍ය තාන්ත්‍රිකයින් පිරිසක් හමුවීමට නියමිතයි.

එසේම, මෙම චීන සංචාරයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක, තාක්ෂණික හා කෘෂිකාර්මික සංවර්ධනය මෙන්ම දිළිඳුකම පිටු දැකීම ආදී අරමුණු පෙරටු කරගත් ක්ෂේත්‍ර චාරිකා කිහිපයකට සහභාගි වීමට නියමිත අතර ඉහළ පෙළේ ව්‍යාපාරික හමු කිහිපයකට එක්වීමට ද සැලසුම් කර තිබෙනවා.

මෙම සංචාරය අතරතුර දෙරට අතර ද්වීපාර්ශ්වික අවබෝධතා ගිවිසුම් කිහිපයකට අත්සන් තැබීමට ද කටයුතු යොදා ඇති බව සඳහන්.

ජනාධිපති අනුර කුමාර දිසානායක ජනාධිපති ධුරයට පත් වීමෙන් පසු සිදු කරන දෙවන විදෙස් රාජ්‍ය සංචාරය මෙය වීම ද විශේෂත්වයකි. එබැවින් මෙම සංචාරය දෙරට අතර දිගු කාලින සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා ඉතා වැදගත් පියවරක් ලෙස සැලකෙන අතර, එමඟින් දෙරට අතර ආර්ථික, වෙළෙඳ සහ ආයෝජන සහයෝගිතාව වැඩි දියුණු කිරීමට ද බලාපොරොත්තු වෙන බව සඳහන්.

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads