ක්‍රීඩා

T20 ක්‍රිකට් ලෝක කුසලානයේ නායකයා දසුන් – සංචිතයත් නම් කරයි

 

පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට 25 දෙනෙකුගෙන් යුත් මූලික සංචිතයක් නම් කර තිබෙනවා.

අද පෙරවරුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් තේරීම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ සඳහන් කළේ මෙවර ලෝක කුසලාන නායකත්වයට දසුන් ශානක පත්කළ බවයි.

මේ අනුව, කණ්ඩායමේ සෙසු සාමාජිකයින් ලෙස පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, කමිල් මිෂාර, කුසල් පෙරේරා, නිරෝෂන් දික්වැල්ල, චරිත් අසලංක, කමිඳු මෙන්ඩිස් , වනිඳු හසරංග , මතීෂ පතිරණ, මහීෂ් තීක්‍ෂණ, දුනිත් වෙල්ලාලගේ, එෂාන් මාලිංග, පවන් රත්නායක, මිලාන් රත්නායක, දුෂ්මන්ත චමීර, දුෂාන් හේමන්ත, විජයකාන්ත් වියස්කාන්ත් සහ ටේ‍රවින් මැතිව් කැඳවා තිබෙනවා.

Shares: