උණුසුම් පුවත්

දැනුවත් වුණොත් බේරෙන්න පුළුවන්.. නැවතත් සෞඛ්‍ය අනතුරු ඇඟවීමක්..

මදුරුවන් මගින් ව්‍යාප්ත වන චිකුන්ගුන්යා වෛරසය වේගයෙන් ශ්‍රී ලංකාවේ පැතිර යාම හේතුවෙන්, මෙරටට පැමිණෙන සංචාරකයින් සඳහා දෙවන මට්ටමේ (Level 2) සෞඛ්‍ය අනතුරු ඇඟවීමක් නිකුත් කිරීමට අමෙරිකානු රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානය (CDC) පියවර ගෙන තිබෙනවා.

2025 දෙසැම්බර් මාසයේදී නිකුත් කරන ලද මෙම නිවේදනය මගින් අවධාරණය කරන්නේ, ශ්‍රී ලංකාව තුළ සංචාරය කිරීමේදී දැඩි සෞඛ්‍ය ආරක්ෂිත පියවර අනුගමනය කරන ලෙසයි.

2025 නොවැම්බර් මස අගදී ශ්‍රී ලංකාවට බලපෑ දරුණුතම “දිට්වා” සුළි කුණාටුව හේතුවෙන් රටේ යටිතල පහසුකම්වලට සහ සෞඛ්‍ය පද්ධතියට විශාල හානි සිදුවූවා.

කුණාටුවෙන් පසු ඇති වූ දරුණු ගංවතුර සහ ජලය බැස නොයෑම හේතුවෙන් මදුරුවන් බෝවීම ඉහළ ගොස් ඇති අතර, එය චිකුන්ගුන්යා සහ ඩෙංගු වැනි රෝග ව්‍යාප්තියට සෘජුවම බලපා තිබෙනවා.

Shares: