නොරොච්චෝලේ ලක්විජය ගල් අඟුරු බලාගාරයේ ජනන යන්ත්‍ර 2ක් අලුත්වැඩියා කටයුතු හේතුවෙන් මේ වන විට අක්‍රීය තත්ත්වයේ පවතින බව ලංකා විදුලි බලමණ්ඩලය පවසනවා.
මේ හේතුවෙන් ජාතික විදුලි බල පද්ධතියට මෙගාවොට් 600ක විදුලි ධාරිතාවක් මේ වන විට අහිමි වී ඇති බවයි එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ.
එම ගල් අඟුරු බලාගාරයේ එක් ජනන යන්ත්‍රයක් පමණක් සක්‍රීය තත්ත්වයේ පවතින අතර එමඟින් මෙගාවොට් 300ක විදුලි ධාරිතාවක් ජාතික පද්ධතියට එක්කර තිබෙනවා.
සාමාන්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් පසුගිය නොවැම්බර් මස 3 වන දින ලක්විජය බලාගාරයේ එක් ජනන යන්ත්‍රයක් අක්‍රීය කිරීමට පියවර ගෙන තිබු අතර ලංකා විදුලි බල මණ්ඩලය ප්‍රකාශ කළේ දෙසැම්බර් මස 20 වන දින තවත් ජනන යන්ත්‍රයක් ඇති වූ දෝෂයක් හේතුවෙන් අක්‍රීය කිරීමට සිදුවූ බවයි.
මේ වන විට එම ජනන යන්ත්‍ර දෙකම අලුත්වැඩියා කටයුතු සිදුවෙමින් පවතින අතර ලබන ජනවාරි මස පළමු සතිය තුළ ඒවා යළි ක්‍රියාත්මක කිරීමට සැලසුම් කරයි ඇත්තේ.
කෙසේවෙතත් ජල විදුලිය මඟින් විදුලි උත්පාදන කටයුතු සාර්ථකව සිදුවන බැවින් දෛනික විදුලි සැපයුමට බාධාවක් සිදුව නොමැති බව ලංකා විදුලි බලමණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළා.











