බේරුවෙල චීනකොටුව ප්‍රදේශයේදී ගජමුතු 02 ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ (29) සවස බේරුවෙල පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත්තේ ලද තොරතුරක් මත සිදු කලා වැටලීමකදීයි.
සැකකරු වයස අවුරුදු 33 ක් වූ උස්වැව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
බේරුවෙල පොලිස් ස්ථානය මගින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.











