දේශීය

6 වසර මොඩියුල් ගැන අධ්‍යාපන ලේකම්ගෙන් CIDයට පැමිණිල්ලක්

අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නාලක කළුවැව මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

ඒ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදුකිරීමේදී 6 වසර මොඩියුලේ සඳහන් නොවිය යුතු කරුණක් සම්බන්ධයෙන්.

බාහිර පාර්ශ්වයක් විසින් කුමන්ත්‍රණකාරී ලෙස මෙවැනි ඇතුළත් කිරීමක් සිදුකර ඇති බවට සැකකරන බවයි නාලක කළුවැව මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ.

අමාත්‍යාංශ ලේකම්වරයා වැඩිදුරටත් පැවසුවේ මෙවැනි අකටයුත්තක් සිදුකිරීමට කටයුතු කර ඇති පුද්ගලයින් සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් සිදුකරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටින බවයි.

කෙසේ වෙතත් මෙය අවසාන මුද්‍රණය නොවන අතර මෙහි වගකීම අවසානයේ අධ්‍යාපන දෙපාර්තමේන්තුව සතුවන බවත් කිසිසේත්ම මෙම ප්‍රකාශනය නීත්‍යානුකූලව සිදුවන්නේ නැති බවද කළුවැව මහතා කියා සිටියේය.

Shares: