හිටපු ජනපතිවරුන්ගේ නිල නිවාස, දීමනා සහ වාහන ඇතුළු වරප්‍රසාද ඉවත් කෙරෙන ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත පිළිබඳ දෙවන වර කියවීමේ විවාදය අද පැවැත්වීමට නියමිතයි.
ඒ අනුව, පෙරවරු 11.30 සිට පස්වරු 3.30 දක්වා අදාළ විවාදය පැවැත්වෙන බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.










