Global Platform For All Sri Lankans

තැපැල් ඡන්දය අවසන්..

 

මෙවර ජනාධිපතිවරණය සඳහා සලකුණු කළ තැපැල් ඡන්ද පත්‍රිකා රක්ෂිත පැකට් දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල වෙත රැගෙන යාම ආරම්භ කර තිබෙනවා.

විශේෂ ආරක්ෂාවක් යටතේ එම කටයුතු සිදුවන බවයි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ සඳහන් කළේ.

තැපැල් ඡන්ද භාවිතා කිරීම ඉහළ අගයක පැවතුණු බවද සඳහන්.

ඒ අනූව මෙවර ජනාධිපතිවරණය සඳහා තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම සඳහා ලබා දී තිබූ දින 3ක කාලය අදින් අවසන් වනවා.

එම ඡන්ද ප්‍රකාශ කිරීම සඳහා සැප්තැම්බර් මස (04), (05) සහ අද (06) යන දිනයන් වෙන්කර තිබුණා.

අදාළ දිනවලදී තැපැල් ඡන්ද සලකුණු කිරීමට නොහැකි වූ තැපැල් ඡන්ද හිමියන්ට සැප්තැම්බර් 11 සහ 12 යන දෙදින ඡන්දය සලකුණු කිරීමේ හැකියාව පවතිනවා.

ඒ තමන්ගේ සේවා ස්ථානය පිහිටි දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලදී බවයි මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දී ඇත්තේ.

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

Digital Griot

RELATED LATEST NEWS

Top Headlines

රටවල් 27ක් අනතුරේ.. ?

  එක්ස්. ඊ. සී. නව කොවිඩ් ප්‍රභේදය මේ වන විට රටවල් 27ක ව්‍යාප්ත වී ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා. පෝලන්තය,

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads