Global Platform For All Sri Lankans

රැජිනගේ ඉතාලි මාලිගය කෝටි 1660කට දෙන්නයි යන්නේ..

 

වික්ටෝරියා රැජිනගේ ප්‍රියතම සංචාරක නිවහන වූ ඉතාලියේ “පල්මියෙරි විලා” ඇමෙරිකානු ඩොලර් මිලියන 55 (ශ්‍රී ලංකා රුපියල් කෝටි 1660 ක් පමණ) ක මුදලකට විකිණීමට තීරණය කර තිබෙනවා.

ඉතාලියේ දේපළ වෙළඳාම් සමාගමක් වන ඩ්‍රීමර් රියල් ස්ටේට් වෙත “පල්මියෙරි විලා” විකිණීමේ වගකීම පැවරී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඉතාලියේ ෆ්ලෝරන්ස් නගරයට ආසන්නයේ කඳුකරයේ පිහිටි පල්මියෙරි සංචාරක නිවහන ඉතාලි ගෘහ නිර්මාණ ශිල්පයේ විශිෂ්ඨතම නිර්මාණයක් ලෙසද සැලකෙන අතර, පල්මියෙරි සංචාරක නිවහන මිලදී ගන්නෙකුට බ්‍රිතාන්‍ය රාජකීය ඉතිහාසයෙන් කොටසකට උරුමකම් කීමට හැකියාව ලැබෙනු ඇති.

වික්ටෝරියා රැජින බ්‍රිතාන්‍ය රජ කිරුල හෙබවූවත් ඉතාලියේ සුන්දරත්වය සහ සන්සුන්භාවයට බෙහෙවින් ඇලුම් කර ඇති අතර 1888 වසරේදී ප්‍රථම වරට ඇය පල්මියෙරි සංචාරක නිවහනට පැමිණ තිබෙන බවටයි සඳහන් වන්නේ. පල්මියෙරි සංචාරක නිවහනේ වටපිටාවට වික්ටෝරියා රැජිනගේ සිත් ඇද බැඳ තබා ගැනීමට හැකිවීම හේතුවෙන්, එම අවස්ථාවේදී ඇය මාසයක නිවාඩු එහි ගත කර ඇති බවද විදෙස් මාධ්‍යවල සඳහන්.

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

Digital Griot

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads