Global Platform For All Sri Lankans

” පාස්කු ප්‍රහාරයේ වගකිවයුත්තන් හෙළි කරනවා ” සජිත් සහතික වෙයි..

 

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ සුල මුල සෙවීමේ වගකීම තමන් ප්‍රමුඛ සමගි ජනබලවේගයේ කණ්ඩායම අවංකවම භාර ගන්නා බව බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

විපක්ෂනායකවරයා මේ බව කියා සිටියේ මීගමුවේ ඊයේ (17) පැවැති ජන හමුවකට එක්වෙමින්.

පාස්කු ප්‍රහාරයේ සත්‍ය සොයා ගැනිමට කැපවෙන බව එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

එමෙන්ම සමගි ජන බලවෙිගය ප්‍රථමවතාවට කණ්ඩායමක් ලෙස මේ සම්බන්ධයෙන් කරන්නට අපේක්ෂා කරන දේවල් සියල්ල ලිඛිතව කාදිනල්තුමාට ලබා දී ඇති බව ද සඳහන් කළ ඔහු, පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් දේශීය හා විදේශීය විනිසුරුවන් සහ පරීක්ෂකයන් එකතු කර ගත් වැඩපිළිවෙළක් හරහා සත්‍ය රටට අනාවරණය කරන බව වැඩිදුරටත් අවධාරණය කළා.

එසේම විශේෂ අධිකරණයක් ස්ථාපිත කර ඒ හරහා පාස්කු ප්‍රහාරය සම්බන්ධ කටයුතු විනිවිදභාවයෙන් කරන බවත් කී විපක්ෂ නායකවරයා ,

පොදුජනතාවගේ පැත්ත නියෝජනය කරන්නේ සමගි ජන බලවේගයේ තමා බවත් ජනතාව ගන්නේ දේශපාලන කුමන්ත්‍රණකාරින්ගේ ඩීල්කාරයන්ගේ පැත්තද නැත්නම් අවංකවම පෙනී සිටින සටන් කරන ප්‍රශ්නවලට උත්තර සපයන කෙනෙකුගේ පැත්තද කියා තීන්දු කළ යුතු බව ද සඳහන් කළා.

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

Digital Griot

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads