Global Platform For All Sri Lankans

ලොව පුරා කොළරා මරණ වැඩිවීමක්..

 

2022 වසරට සාපේක්ෂව පසුගිය වසරේ ලොව පුරා කොළරාව වැළඳී මියගිය සංඛ්‍යාව සියයට 71 කින් පමණ ඉහළ ගොස් ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.

මේ අනුව පසුගිය වසරේ කොළරාව වැළඳී මියගිය සංඛ්‍යාව 4,000 ක්. එමෙන්ම වාර්තාවූ රෝගීන් සංඛ්‍යාවද සියයට 13 කින් පමණ වැඩිවී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ.

අපිරිසිදු ආහාර සහ ජලය හරහා වැළ`දෙන බඩවැල් ආශ්‍රිත රෝග තත්වයක් වන මෙය, පහසුවෙන් සුවකළ හැකි වන නමුත් නිසි සනීපාරක්ෂක පහසුකම් නොමැතිකම, දරිද්‍රතාව සහ දේශගුණික විපර්යාස හමුවේ රෝග පැතිරීම පාලනය දුෂ්කර වී ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය වැඩිදුරටත් සඳහන් කළේ.

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

Digital Griot

RELATED LATEST NEWS

Top Headlines

රටවල් 27ක් අනතුරේ.. ?

  එක්ස්. ඊ. සී. නව කොවිඩ් ප්‍රභේදය මේ වන විට රටවල් 27ක ව්‍යාප්ත වී ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා. පෝලන්තය,

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads