දේශීය

පුරාවස්තු සොයා කැණීම් කළ 03ක් අත්අඩංගුවට

පුරාවස්තු සෙවීමේ අරමුණින් කැණීම් කරමින් සිටි පුද්ගලයින් තිදෙනෙකු තණමල්විල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

තණමල්විල පොලීසියට ලද තොරතුරක් මතයි කහකුරුල්ලන්පැලැන් ප්‍රදේශයේදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ.

මෙහිදී පොලිසිය පැවසුවේ ඔවුන් සතුව තිබූ පූජා භාණ්ඩ සහ කැණීම් උපකරණ සිය භාරයට ගත් බවයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 24,26 සහ 28 යන වයස්වල පසුවන තණමල්විල සහ හම්බේගමුව ප්‍රදේශවල පදිංචිකරුවන්.

සිද්ධිය සම්බන්ධව තණමල්විල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Shares: