නායයෑමක් හේතුවෙන් වසා දමා තිබූ යළි විවෘත කරනු ලැබූ කොළඹ – මහනුවර ප්‍රධාන මාර්ගය අද (26) රාත්‍රී 10 සිට යළිත් දින නියමයක් නොමැතිව වසාතැබීමට තීරණය කළ බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.
ඒ අනුව මීට පෙර මාර්ගය වසා තැබූ ගනේතැන්න ප්‍රදේශයෙන් යළි මාර්ගය වසා තැබෙන අතර, ඒ හේතුවෙන් පෙර පරිදි විකල්ප මාර්ග භාවිතා කරන ලෙස උපදෙස් ලබා දී තිබෙන්නේ.
පහළ කඩුගන්නාව ගනේතැන්න ප්‍රදේශයේදී වෙළෙඳසැලක් හා නිවසක් මතට පස් කඳු හා ගල්පෙරළීමෙන් පසුගියදා සිදු වූ අනතුරෙන් පසු අදාළ ප්‍රදේශයේ එක් මන්තීරුවක් විවෘත කර ගමනාගමන කටයුතු සිදු කළා.











