ඉදිරියේදී ඇතිවිය හැකි ඕනෑම ආපදාවකට මුහුණ දීම සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සියලු කටයුතු සූදානම් කර ඇති බව එහි අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පවසනවා.
දිවයිනට ගිණිකොන දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ස්ථාපිතව පවතින අඩු පීඩන කලාපය ඉදිරි පැය 24 තුළ පීඩන අවපාතයක් දක්වා වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කර තිබෙනවා.
මෙම පද්ධතිය බටහිරට බරව වයඹ දෙසට ගමන් කරමින් දිවයිනේ නැගෙනහිර වෙරළට ළඟාවනු ඇතැයි අපේක්ෂා කරන බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසනවා.
මේ හේතුවෙන් ලබන 8 වැනිදා සිට දිවයිනේ උතුරු, උතුරු මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල වැසි තත්ත්වයේ වර්ධනයක් ඇති විය හැකි බවද දැනුම් දෙනවා.











