බිබිල – පස්සර මාර්ගය ආශ්‍රිතව පවතින නාය යෑම් ස්ථාවර කිරීම සඳහා මාර්ග සංවර්ධන අධිකාරිය සහ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය එක්ව විශේෂ ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට සැලසුම් කර ඇතැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා.
එම සංවිධානයේ ජ්‍යේෂ්ඨ භූ විද්‍යාඥ ලක්සිරි ඉන්ද්‍රතිලක මහතා ප්‍රකාශ කළේ මේ වන විට ඒ සඳහා වූ ව්‍යාපෘති කටයුතු ද ආරම්භ වී ඇති බවයි.
ඒ අනුව ඉදිරි වසර ඇතුළත මෙම නායයෑම් ස්ථාව කිරීම සඳහා අවශ්‍ය කටයුතු සිදුකරනු ඇති බවයි ඒ මහතා අදහස් දක්වමින් කියා සිටියේ.
මේ අතර බදුල්ල දිස්ත්‍රික්කයේ නායයෑම් අවදානම් ගණනාවක් සිදුවීමේ හැකියාව ඇති බවත්, මේ වන විට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ විශේෂඥ කණ්ඩායමක් විසින් මෙම ප්‍රදේශ අධ්‍යනය කර නාය යෑම් ඇතිවන ස්ථාන හඳුනාගනිමින් එම ස්ථාන ස්ථාවර කිරීමේ කටයුතු ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති බවත් ඉන්ද්‍රතිලක මහතා සඳහන් කළා.
තවද කොස්ලන්ද මාර්ගය ආශ්‍රිතවද නාය යෑම් සිදුවීම් කිහිපයක් වාර්තා වන බවත්, එම ස්ථාන සඳහා මීට පෙර ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් ක්‍රියාත්මක කරන ලද ව්‍යාපෘති මගින් ඇතැම් ස්ථාන මේ වන විට නිරීක්ෂණය කරමින් අදාළ උපකරණ සවිකර නිරීක්ෂණය කරමින් පවතින බවයි ඔහු පැවසුවේ.
එමෙන්ම භූ විද්‍යාඥවරයා තවදුරටත් ප්‍රකාශ කළේ එම ප්‍රදේශයේ ඇතැම් ස්ථාන සඳහා වැඩිදුර අධ්‍යන කටයුතු සිදුකරමින් ඉදිරියේදී ස්ථාවර කිරීම සඳහා අවශ්‍ය කටයුතු මේ වන විටත් සිදුකරමින් පවතින බවයි.











