සිරියාවේ ක්රියාත්මක IS ත්රස්ත සංවිධානයට අයත් ඉලක්ක කිහිපයක් වෙත අමෙරිකා එක්සත් ජනපද හමුදාව සහ ඔවුන්ගේ මිත්ර පාර්ශ්වයන් එක්ව දැවැන්ත ප්රහාර මාලාවක් දියත් කර තිබෙනවා.
ඔවුන් එල්ල කළ ගුවන් ප්රහාර එරට වේලාවෙන් ඊයේ දහවල් 12.30ට පමණ සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.
අමෙරිකා හමුදාව සඳහන් කරන්නේ, IS සංවිධානයට අයත් තනි වෙඩිකරුවෙකු විසින් පසුගිය මාසයේදී සිදුකළ ප්රහාරයකින් අමෙරිකානු හමුදා සෙබළුන් දෙදෙනෙකු සහ අමෙරිකානු සිවිල් පරිවර්තකයෙකු මියයාමේ සිද්ධියට ප්රතිචාර වශයෙන් මෙම ගුවන් ප්රහාර සිදුකර ඇති බවයි.
මෙම ප්රදේශය යුනෙස්කෝව විසින් ලැයිස්තුගත කර ඇති පුරාණ නටබුන් ඇති අතර එය කලක් ජිහාඩ් සටන්කරුවන් විසින් පාලනය කරනු ලැබුවා.
“Operation Hawkeye Strike” ලෙස නම් කළ පළමු ප්රතිප්රහාරය පසුගිය දෙසැම්බර් 19 වන දින ක්රියාත්මක කර තිබුණේ අමෙරිකා එක්සත් ජනපදය සහ ජෝර්දානය එක්වයි.
ඉන් පසු IS ඉලක්ක කර ගනිමින් අඛණ්ඩව අතිරේක ගුවන් හා භූමි ප්රහාර සිදුකරමින් පවතින බවද අමෙරිකානු හමුදාව වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.
එමෙන්ම අයි.එස්. ත්රස්තවාදීන්ගේ ක්රියාකාරකම් අඩපණ කිරීම සහ අනාගතයේදී අමෙරිකානු සෙබළුන්ට එල්ල විය හැකි තර්ජන මැඩලීම මෙම ප්රහාරයේ මූලික අරමුණ බවයි අමෙරිකානු ආරක්ෂක අංශ පවසන්නේ











