දේශීය

රවී කරුණානායකගේ නඩුවක් ලබන මස 06ට කල් යයි

හිටපු මුදල් අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණායක මහතා හා පර්පෙචුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්‍යක්ෂක අර්ජුන් ඇලෝසියස් යන අයට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර ඇති නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය පෙබරවාරි මස 06 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය අද (16) දින නියෝග කර තිබෙනවා.

ඒ, ඊට අදාළ නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් ඉදිරියේ නඩුව කැඳවූ අවස්ථාවේදීයි.

එහිදී අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතාගේ මෙහෙයවීම යටතේයි සාක්ෂි සටහන් කර ගැනීම සිදු කර ඇත්තේ.

අනතුරුව වැඩිදුර සාක්ෂි විභාගය පෙබරවාරි මස 06 වැනිදා යළි කැඳවීමට විනිසුරුවරයා නියෝග කළා.

Shares: