දිට්වා සුළි කුණාටුව හේතුවෙන් නවතා තිබූ කොළඹ කොටුව සිට ත්රිකුණාමළය සහ මඩකලපුව දක්වා ධාවනය වූ රාත්රි තැපැල් දුම්රිය ඇතුළු දුම්රිය කිහිපයක් ලබන 20 වැනිදා සිට යළි ධාවනයට එක්කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.
ඒ අනුව, දිනපතා පස්වරු 09.30ට කොළඹ කොටුවෙන් පිටත්වන දුම්රිය පසුදා අලුයම 05.19ට ත්රිකුණාමලය දුම්රිය ස්ථානයට ළඟාවීමට නියමිත බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ.
එසේම දිනපතා පස්වරු 07.30ට ත්රිකුණාමලය දුම්රිය ස්ථානයෙන් පිටත්වන දුම්රිය පසුදා අලුයම 04.32ට කොළඹ කොටුව දුම්රිය ස්ථානයට ළඟාවීමට නියමිතයි.











