උණුසුම් පුවත්

දියුණු ආරක්ෂක උපාංග සහිත වාහන අංක තහඩු නොවැම්බර් 15 වෙද්දී

නොවැම්බර් 15 වන විට වඩාත් දියුණු ආරක්ෂක අංගෝපාංග සහිත නව අංක තහඩු නිකුත් කිරීමට බලාපොරොත්තුවන බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසනවා.

ඔහු ඒ බව පවසා සිටියේ අද (26) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින්.

එමෙන්ම අමාත්‍යවරයා කියා සිටියේ මේ සඳහා ටෙන්ඩර් කැඳවීම් සියල්ල අවසන් කර ඇති බවයි.

ඒ අනුව පෙර පැවති වාහන අංක තහඩුවලට වඩා තාක්ෂණයෙන් ඉහළ ලෙස නිමකර ඇති මෙම නව අංක තහඩු නොවැම්බර් මසදී මෙසේ නිකුත් කිරීමට බලාපොරොත්තුවන බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

Shares: