අරවින්ද් කෙජ්රිවාල් දිල්ලි මහ ඇමති ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.
ඒ, ඔහු දූෂණ නඩුවකට ඇප ලබා දින කිහිපයකට පසුව බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.
කෙජ්රිවාල් මාස පහක් සිරගතව සිටියේ, මත්පැන් අලෙවි ප්‍රතිපත්තියක් සම්බන්ධයෙන් වූ චෝදනවකටයි.
කෙසේ වෙතත්, ඔහු තමාට එරෙහි චෝදනා ප්‍රතික්ෂේප කර ඇති බව ද සඳහන්.
එසේම, ධුරයෙන් ඉල්ලා අස්වූ ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ, ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී ජනතාව තම ආම් ආද්මි පක්ෂය (AAP) නැවත තෝරා පත් කර ගන්නේ නම් පමණක්, තමා එම තනතුර භාර ගන්නා බවයි.
Author: Lanka Hit News
Post Views: 40