Global Platform For All Sri Lankans

Lanka Hit News

මනූෂගේ සොහොයුරා ගැන CID යට පැමිණිලි ගලයි

 

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාරගේ සහෝදරයා වන තිසර නානායක්කාර විසින් සිදුකර ඇති මූල්‍ය වංචා සම්බන්ධයෙන් මේ වන විට පැමිණිලි 26 ක් ලැබී ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

එම පැමිණිලි අනුව පමණක් රුපියල් පන්කෝටි හැත්තෑ පන්ලක්ෂයක මුදලක් වංචා කර ඇති බවටයි වාර්තා වන්නේ.

අද දිනයේත් මෙම මූල්‍ය වංචා සම්බන්ධයෙන් කිහිපදෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගත් බවත්, පැමිණිලි ලබා දීම සඳහා ලබා දී ඇති විශේෂ දුරකතන අංකය හරහා තවත් පැමිණිලි ලැබෙමින් පවතින බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව උසස් නිළධාරියෙකු සදහන් කළා.

ෆින්ලන්තයේ රැකියා දෙන බවට පොරොන්දු වී රුපියල් ලක්ෂ 30ක මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් ගම්පහ ප‍්‍රදේශයේ පුද්ගලයෙකු කළ පැමිණිල්ලට අනුව පසුගිය මස 28 වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් සැකකරු, ලබන 06 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

Top Headlines

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads