ශිෂ්‍යත්ව විභාගයේදී දරුවන් මුහුණ පා ඇති ගැටලුව සම්බන්ධයෙන් අධ්‍යාපන බලධාරීන් කටයුතු කළයුත්තේ දරුවන්ට අසාධාරණයක් නොවන පරිදි බව ගුරු සංගම් පෙන්වා දෙනවා.
ශිෂ්‍යත්ව විභාගයේ මතභේදයට තුඩුදුන් ප්‍රශ්න 3 සඳහා නිදහස් ලකුණු ලබාදීමට විභාග කොමසාරිස් ජනරාල්වරයා ගත් තීරණය සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් ඔවුන් මේ බව සඳහන් කළා.
පසුගිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 03 ක් පිටවීමේ සිද්ධිය සම්බන්ධයෙන් විභාගයට පෙනී සිටි දරුවන් පිරිසක් සහ ඔවුන්ගේ දෙමව්පියන් ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම්වලට අදාළ තීන්දුව පසුගිය 31 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශයට පත් කළා.
2024 සැප්තැම්බර් 15 වැනිදා විභාගයේ මතභේදයට තුඩුදුන් ප්‍රශ්න තුන ඉවත් කිරීමට සැප්තැම්බර් 17 වැනිදා විභාග කොමසාරිස් ජනරාල්වරයා තීරණය කර තිබූ බව එම අධිකරණ තීන්දුවේ සඳහන්.
කෙසේ වෙතත්, එලෙස අභ්‍යන්තර තීරණ ගැනීමේ ක්‍රමවේදය, විභාග කොමසාරිස් ජනරාල්වරයා විසින් පසුව අත හැර ඇති අතර සැප්තැම්බර් 26 වැනිදා අධ්‍යාපන අමාත්‍යවරිය ලෙස අග්‍රාමාත්‍යවරිය ගේ නිර්දේශ ඇතුළත් විසඳුමක් ඉල්ලා ඇති බව ද අධිකරණ තීන්දුවේ දැක්වෙනවා.
ඉන් පසු අභ්‍යන්තර තීරණ ගැනීමේ ක්‍රමවේදය විභාග කොමසාරිස් විසින් අතහැරීම නිසා එම භූමිකාව අග්‍රාමාත්‍යවරියට සහ අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් යටතට ගෙන ඇති බවත් පෙනී යන බවයි ශ්‍රේෂ්ඨාධිකරණය කියා සිටියේ.
නමුත් විභාග කොමසාරිස් ජනරාල්වරයා අග්‍රාමාත්‍යවරිය හරහා විද්වත් විසදුමක් ඉල්ලා නොතිබූ බවත්, අග්‍රාමාත්‍යවරිය පත්කළ සත් පුද්ගල කමිටුවේ මතයන් 29 වැනිදා වන විට ලැබුණද ඔහු විසින් මෙම ප්‍රශ්නගත සිද්ධිය සම්බන්ධයෙන් මතයකට එළැඹ නොසිටි බවද අධිකරණය සඳහන් කළා.
අදාළ කමිටුවේ වාර්තාව අනුව සුදුසු ක්‍රියාමාර්ගයක් ගැනීම සඳහා කරුණිකව යොමු කරන බව සඳහන් කරමින් විභාග කොමසාරිස් ජනරාල්වරයා එය අග්‍රාමාත්‍යවරියට යොමු කර තිබෙනවා.
කෙසේ වෙතත්, නිදහස් ලකුණු ලබාදීමක් ගැන විභාග කොමසාරිස් ජනරාල් සහ අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් ඒකාබද්ධ සටහනකින් නිල වශයෙන් සඳහන් කර ඇතැයි කිසිදු ස්ථානයක සඳහනක් නොමැති බව ද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට ප්‍රකාශ කර තිබෙනවා.
එවන් පසුබිමක මතභේදයට තුඩුදුන් ප්‍රශ්න තුන සඳහා නිදහස් ලකුණු ලබාදීමට තෝරාගෙන තිබූ පිළියම මගින් නීතිය ඉදිරියේ සැමට සමානාත්මතාවය යන අයිතිය උල්ලංඝණය වී ඇති බවයි අධිකරණය ප්‍රකාශ කළේ.
කෙසේ වෙතත්, අවශ්‍යතාවය යන මූලධර්මය පදනම් කරගත්විට එය ක්‍රියාත්මක කිරීම නීතිවිරෝධී නොවන බවද එහි සඳහන්.
සම්පූර්ණ සිදුවීම දෙස නිරීක්ෂණය කරන විට පැහැදිලි වන්නේ අදාළ නිදහස් ලකුණු ලබාදීමට විභාග කොමසාරිස් ජනරාල් ගත් පියවර, තීරණ ගැනීමට ඔහුට ලැබී ඇති බලතල අනුව ස්වාධීනව ගත් තීරණයක් නොවන බව අධිකරණය සඳහන් කර තිබෙනවා.
අධිකරණය ඒ අනුව නියෝග කළේ විද්වත් කමිටුවේ නිර්දේශ තුනෙන් එකක් ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා ලෙසයි.
එවන් පසුබිමක මතභේදයට තුඩුදුන් ප්‍රශ්න 3 සඳහා නිදහස් ලකුණු ලබාදීමට විභාග කොමසාරිස් ජනරාල්වරයා ඊයේ යළි තීරණය කළා.
කෙසේ වෙතත්, ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාර්ලින් ප්‍රකාශ කළේ, දරුවන්ට සාධාරණයක් ඉටුවන පරිදි අධ්‍යාපන අමාත්‍යාංශය විසින් මේ සම්බන්ධයෙන් සුදුසු තීන්දුවක් ගත යුතු බවයි.