Global Platform For All Sri Lankans

Lanka Hit News

නව ආරක්ෂක ලේකම්වරයා, එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්තා..

නව ආරක්ෂක ලේකම්වරයා ලෙස එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්තා පත් කර තිබෙනවා.

1988 මැයි මස 17 වන දින ශ්‍රී ලංකා ගුවන් හමුදා කැඩෙට් නිලධාරියෙකු ලෙස එක් වූ තුයියකොන්තා , 1990 වර්ෂයේදී සාමාන්‍ය රාජකාරි නියමු නිලධාරියෙකු ලෙස පත් වී තිබෙනවා.

ඉන් පසු, 1990 වසරේ  , බෙල් 212/412 හෙලිකොප්ටර් යානාවල මෙහෙයුම් නියමුවෙකු ලෙස පියාසර රාජකාරි සඳහා යොදවා ඇති අතර,

2001 වසරේ දී ඔහු දෙවන අණදෙන නිලධාරියෙකු ලෙස ශ්‍රී ලංකා ගුවන් හමුදා හිඟුරක්ගොඩ කඳවුරේ අංක 9 ප්‍රහාරක හෙලිකොප්ටර් බලඝණයට පත් කරන ලදි. පසුව, 2005 වසරේදී  අණදෙන නිලධාරි ලෙස උසස්  වී තිබෙනවා.

එසේම ඔහු සිය දීර්ඝ සේවා කාලය තුළ උතුරු නැගෙනහිර මුදාගැනීමේ මානුෂීය මෙහෙයුම ඇතුළු සියලුම ප්‍රධාන මෙහෙයුම් සඳහා ක්‍රියාකාරීව සහභාගී වී තිබෙන බවද සඳහන් වනවා.

තවද, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ප්‍රහාරක හෙලිකොප්ටර් නියමුවෙකු ලෙස පියාසර පැය 7,000කට අධික කාලයක් වාර්තා කිරීමට ද සමත් වී තිබෙන සම්පත් තුයියකොන්තා. වසර දෙකක කාලයක් පාකිස්තානයේ ඉස්ලාමාබාද් හි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක ලෙස ද කටයුතු කර තිබෙනවා.

මානුෂීය මෙහෙයුම් වලදී ඔහු කළ විශිෂ්ට සේවාව වෙනුවෙන් ‘වීර වික්‍රම විභූෂණ’ (WWV), ‘රණ වික්‍රම පදක්කම’ (RWP) සහ ‘රණ සූර පදක්කම’ (RSP) යන ගෞරවයන් හිමිකරගෙන තිබීමද විශේෂත්වයක්.

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads