චීනයේ ව්‍යාප්ත වෙමින් පවතින HMPV වෛරස ආසාදිතයන් දෙදෙනෙකු පළමුවරට ඉන්දියාවෙන් හඳුනාගෙන තිබෙන බව ජාතන්තර මාධ්‍ය සඳහන් කරනවා.
ඔවුන් පවසන්නේ මාස අටක දරුවෙකු සහ මාස තුනක දරුවෙකු මෙම වෛරසයට භාජනය වී ඇති බවයි.
HMPV රෝග ලක්ෂණ උණ හෝ සෙම්ප්‍රතිශ්‍යාවට සමාන වෙන අතර කැස්ස, කිවිසුම් යාම ද පෙන්නුම් කෙරෙන අතර ආසාදිත පුද්ගලයෙකුගෙන් අන් අයට එය පැතිර යා හැකි බව කියයි.
2001 දී ප්‍රථම වරට හඳුනාගත් HMPV යනු, උණ වැනි රෝග ලක්ෂණ ඇති කරන ශ්වසන ආසාදනයකි.
එය සියලුම වයස්වල පුද්ගලයින්ට බලපෑ හැකි අතර, කුඩා දරුවන් (අවුරුදු 5 ට අඩු), වැඩිහිටියන් සහ දුර්වල ප්‍රතිශක්තිකරණ පද්ධතියක් ඇති අයට වැඩි අවදානමක් ඇති බවයි කියන්නේ.
කැස්ස, උණ, නාසයේ තදබදය, හුස්ම හිරවීම සහ උගුරේ අමාරුව HMPV හි රෝග ලක්ෂණ කිහිපයකි.
සාමාන්‍යයෙන් වෛරසයට නිරාවරණය වී දින තුනක් හෝ හයකට පසුව මෙම රෝග ලක්ෂණ ඇති වන බවයි කියන්නේ.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ HMPV වෛරසය ඇති කෙනෙකු සමඟ සෘජු සම්බන්ධතා හරහා එය පැතිරෙන අතර ස්පර්ශ කිරීම, කැස්ස, කිවිසුම් යාම සහ අතට අත දීම මගින් වෛරසය පැතිර යා හැකි බවයි.
සෞඛ්‍ය අංශ ඉල්ලා සිටින්නේ රෝගය වැළඳුනු කෙනෙකුට දරුණු කැස්ස, හුස්ම හිරවීම සහ හුස්ම ගැනීමේ අපහසුතාවයක් ඇති විය හැකි අතර එවැනි අවස්ථාවන්හි දී, වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්නා ලෙසය.
1. අවම වශයෙන් තත්පර 20ක් සබන් ගා වතුරෙන් අත් සේදීම
2. කැස්ස හෝ කිවිසුම් යන අතරතුර ඔබේ මුඛය සහ නාසය ආවරණය කිරීම
3. මුඛ ආවරණයක් පැළඳීම
4. අසනීප වූ අය සමඟ සම්බන්ධ වීමෙන් වැළකීම
5. සෝදා නොගත් දෑතින් ඔබේ ඇස්, නාසය සහ මුඛය ස්පර්ශ කිරීමෙන් වැළකීම
ආදිය HMPV වැළැක්වීම සඳහා උපදෙස් ලෙස විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.