දේශීය

පාකිස්තාන අගමැතිගේ විශේෂ සහකාරවරයෙක් ලංකාවට

පාකිස්තාන – ශ්‍රී ලංකා ඒකාබද්ධ ආර්ථික කොමිසමේ 13 වන සැසිවාරයට සහභාගී වීම සඳහා පාකිස්තාන අග්‍රාමාත්‍යවරයාගේ කර්මාන්ත සහ නිෂ්පාදන පිළිබඳ විශේෂ සහකාර හරූන් අක්තාර් ඛාන් මහතා තෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ තිබෙනවා.

මෙම සැසිවාරය ශ්‍රී ලංකාවේ වෙළෙඳ , වාණිජ , ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශය විසිනුයි සංවිධානය කර ඇත්තේ.

හරූන් අක්තාර් ඛාන් මහතා සමග දූත පිරිස ලෙස තවත් එරට උසස් නිලධාරීන් 05 දෙනෙකු ද දිවයිනට පැමිණ තිබෙනවා.

ඔවුන් ඊයේ පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ ඇත්තේ ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 654 දරණ ගුවන් යානයෙනුයි.

Shares: