අධිවේගී මාර්ගවල ආසන පටි නොපැළඳ රථවාහන පදවන හා රථවාහනවල ගමන් ගන්නා සියලු දෙනාට එරෙහිව දඩ පැනවීම ආරම්භ කළ බව පොලීසිය පවසනවා.
එවැනි රියැදුරන් 18 දෙනෙකුට එරෙහිව ඊයේ දිනයේ දඩ පැනවූ බවයි රථවාහන හා මාර්ග ආරක්ෂාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව් පී ජේ සේනාධීර මහතා සඳහන් කළේ.
මින් ඉදිරියට ආසන පටි නොපැළඳ අධිවේගී මාර්ගවලට වාහන ඇතුළු කිරීමට ඉඩ නොදෙන බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා.











