උණුසුම් පුවත්දේශීය

රනිල් ඇප මත මුදා හැරේ..

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ ඇප මත නිදහස් කර තිබෙනවා.

ඒ ඔහුව අද (22) පෙරවරුවේ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

පෞද්ගලික විදේශ සංචාරයක් සඳහා රජයේ මුදල් යොදාගෙන ඇති බව කියන සිදුවීමකට අදාළව කෙරෙන විමර්ශනයක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු ජනපතිවරයා අද පෙරවරුවේ අපරාධ ප‍රීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය විමර්ශන අංශය වෙත පැමිණි අතර, එහිදී ඔහු අත්අඩංගුවට ගැනුනා.

මෙරට ඉතිහාසයේ පළමු වතාවට ජනපතිවරයෙක් හෝ හිටපු ජනපතිවරයෙක් අත්අඩංගුවට පත්වීම මෙය වීමද විශේෂත්වයක්.

2023 වසරේ සැප්තැම්බර් 22 සහ 23 දිනවල සිදුවූ ඉහත සඳහන් සංචාරයේදී හිටපු ජනපතිවරයා සමග පුද්ගලයින් දස දෙනෙක්ද සහභාගි වී ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම, අදාළ විමර්ශනයට මීට පෙර හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායකගෙන් සහ හිටපු ජනාධිපති පෞද්ගලික ලේකම් සැන්ඩ්‍රා පෙරේරාගෙන්ද මින් පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ සටහන් කර ගැනීමටද පියවර ගනු ලැබුවා.

Shares: