Global Platform For All Sri Lankans

රනිල්ගේ තීරණය..

 

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහ මැතිවරණයට ඉදිරිපත් නොවන බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක, රුවන් විජේවර්ධන සඳහන් කර තිබෙනවා.

එමෙන්ම හිටපු ජනාධිපතිවරයා ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු පැමිණීමට අපේක්ෂා නොකරන බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

මෙවර ජනාධිපතිවරණයේ දී ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වූ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඡන්ද 2,299,767ක් හිමිකර ගත්තා.
එය ප්‍රතිශතයක් ලෙස 17.27%ක් වනවා.

මේ අතර නව ජනාධිපතිවරයා පත්වීමත් සමග විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් රනිල් වික්‍රමසිංහ පවසා සිටියේ, බලය ඇතත්, නැතත්, තනතුරු ඇතත්, නැතත්, රටේ ජනතාවට තමාගෙන් විය යුතු යුතුකම් අදාළ අවස්ථාවේදී කිසිදු පැකිලීමකින් තොරව ඉටුකරන බවයි.

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

Digital Griot

RELATED LATEST NEWS

Top Headlines

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads