Global Platform For All Sri Lankans

‘ සජබයේ අගමැති අපේක්ෂක මමයි , රනිල් සමග හවුලක් නෑ..” සජිත්

 

සජිත් ප්‍රේමදාස ඉදිරි මහ මැතිවරණය සඳහා සමගි ජන සන්ධානයේ අගමැති අපේක්ෂකයා ලෙස නිල වශයෙන් නම් කර තිබෙනවා.

ඔහුගේ නායකත්වය තහවුරු කරමින්, පැවති පක්ෂ රැස්වීමකදී මෙම තීරණය ඒකමතිකව අනුමත කරන ඇති බව සඳහන්.

ඉදිරි මැතිවරණ සූදානම පිළිබඳව සමගි ජනබලවේග පක්ෂ කාර්යයාලයේ පැවති රැස්වීමකින් අනතුරුව මාධ්‍ය අමතමින්.

සජිත් ප්‍රේමදාස පවසා ඇත්තේ, තමන් සහ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතර කිසිදු සහයෝගීතාවයක් නොමැති බවයි.

පසුගියදා අවසන් වූ ජනාධිපතිවරණයෙන් පරාජයට පත්වීමෙන් පසු තම ආධාරකරුවන්ට කෘතඥතාව පළ කිරීමට ද ඔහු කටයුතු කර තිබෙනවා.

සිංහල, දෙමළ, මුස්ලිම් සහ බර්ගර් ඇතුළු රට පුරා විවිධ ප්‍රජාවන්ගෙන් තමාට ලැබුණු සහයෝගය පිළිගන්නා අතර, ශ්‍රී ලංකාවේ ප්‍රගතිය සඳහා ඔහුගේ කැපවීම දිගටම පවතින බවද සඳහන්.

එක්සත් හා සමෘද්ධිමත් ශ්‍රී ලංකාවක් ගොඩනැගීම සඳහා තම කැපවීම නොවෙනස්ව පවතින බවත්, අනාගතය වෙනුවෙන් ඔහු සටන් කරන බවත් මෙහිදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අවධාරණය කර තිබෙනවා.

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

Digital Griot

RELATED LATEST NEWS

Top Headlines

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads