Global Platform For All Sri Lankans

ආසන්න මත විමසුම් අනුව ඉදිරියෙන් , කමලා හැරිස් ද? ඩොනල්ඩ් ට්‍රම්ප්ට ද?

 

ඇමෙරිකා එක්සත් ජනපදයේ මීළග ජනාධිපතිවරයා තෝරාපත් කරගන්නා ජනාධිපතිවරණ සටනේදී ඩිමොක්‍රැටික් පක්ෂ අපේක්ෂිකා වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස්, රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක හිටපු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට වඩා ඉදිරියෙන් සිටින බව නවතම ජනමත විමසුමක් මගින් පෙන්වා දී තිබෙනවා.

එක්සත් ජනපදයේ NBC News පුවත් නාළිකාව මගින් පසුගිය ඉරිදා දිනයේදී මෙම ආසන්නතම මත විමසුම සිදු කර තිබෙනවා. එහිදී කමලා හැරිස් 48% ක ප්‍රතිශතයක් දිනා ගෙන ඇති අතර, ට්‍රම්ප් දිනා ගෙන ඇත්තේ 44% ක ප්‍රතිශතයක් පමණක් බවද සඳහන්.

ලියාපදිංචි ඡන්ද දායකයන් 1,000 ක් යොදා ගනිමින් මෙම සමීක්ෂණය සිදු කර තිබෙන අතර, පසුගිය සැප්තැම්බර් 13 සිට 17 වැනිදා දක්වා කාලය තුළ මෙම මත විමසුම සිදු කර ඇති බවද , එම ප්‍රතිඵලයෙහි 3% ක ප්‍රතිශතයක අඩු හෝ වැඩි වැරැද්දක් ඇති වීමේ අවස්ථාවක් පවතින බවත් NBC News නාළිකාව වැඩිදුරටත් සඳහන් කරනවා.

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

Digital Griot

RELATED LATEST NEWS

Top Headlines

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads