ඉන්ධන මිලෙහි සුළු අඩුවීමක් පෙන්නුම් කළද ඉදිරියේදී බස් ගාස්තු වැඩි කිරීමට සිදුවන බව පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසනවා.
අද (01) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා පැවසුවේ එළැඹෙන ජූලි මාසයට පෙර බස් ගාස්තු ඉහළ නැංවීමට අවශ්‍ය වන බවයි.











